පක්ෂ ප්‍රතිපත්ති

සාධාරණ, යුක්තිසහගත සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්සත් සියවස් පෙරමුණ කැපවී සිටී.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා සංවේදී, දිගුකාලීන, සෘජු ඉලක්ක සහිත ජනතා කේන්ද්‍රිය ප්‍රතිපත්ති අවශ්‍ය වේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සමඟින් අප ජනතාව සමඟ සංවාදයක් ආරම්භ කර ‘එක්සත් සියවස් පෙරමුණේ’ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට අදහස් කරමු.

  • ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තෙක් ජීවන වියදම දැරිය නොහැකි පවුල් සඳහා සෘජු මූල්‍ය සහ පෝෂණ ආධාර ලබා දීම. මෙය දූෂණයෙන් සහ නාස්තියෙන් තොරව සිදු කිරීමට තාක්‍ෂණය සහ තියුණු ශක්තිමත් අධීක්ෂණය මූලධර්ම භාවිතය. එසේන මෙම අරමුදල් අත්‍යාවශ්‍යම කණ්ඩායම් වෙත පමණක් යොමු කරන බවට සහතික වීම.
  • ‌අවදානමට ලක්විය හැකි හෝ විපතට පත් පවුල්වලට සුබසාධන සේවා සහ ආධාර සැපයීම සඳහා ප්‍රජා සංවිධාන සහ ලාභ නොලබන සංවිධානවල ආයෝජනය කර හැකියාව ලබා දීම.
  • ‌ඉන්ධන, පොහොර සහ සත්ව ආහාර වැනි ක්ෂේත්‍රවල නිෂ්පාදනය සීමා කර මිල ඉහළ නැංවීමට හේතු වූ සැපයුම් පාර්ශ්ව ගැටලු නිරාකරණය කිරීම.
  • ‌වංචා දූෂණ ක්‍රියාවන් සඳහා දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරිම, දේශපාලඥයින් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සඳහා අනිවාර්ය වත්කම් ප්‍රකාශ ලබා ගැනිම සහ නිරන්තර විගණනය.
  • ‌නීතිය ක්‍රියාත්මක කිරීමේ දි දේශපාලන මැදිහත්වීම් වරදක් බවට පත් කිරිම
  • ‌මන්ත්‍රීවරුන් තම ඡන්දදායකයින්ට වගවීම වැඩි කිරීම, ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය අඩු කිරීම සහ ප්‍රචාරක මුදල් පිළිබද විනිවිදභාවයක් ඇති කිරීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණ සිදුකිරිම.
  • ‌ස්වාධීන, විශ්වසනීය විමර්ශන සිදුකිරිම සහ දූෂණ පිළිබඳ අතීත අවස්ථා පිළිබඳ නඩු පැවරීම.
  • ‌රාජ්‍ය වියදම්වල නාස්තිය,දූෂණය පිටුදැකීම සහ බදු පදනම පුළුල් කිරීමෙන් රජයේ මුදල් ප්‍රතිෂ්ඨාපනය කිරීම.
  • ‌අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවට නැවත ප්‍රවේශය විවර කර ගැනිම  සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමටත් උද්ධමනය සහ පොලී අනුපාත පහත හෙළීමටත් උත්සාහ කිරීම.
  • ‌දිගුකාලීන ජාතික ආර්ථික උපාය මාර්ගික සැළසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  • ‌අනවශ්‍ය රෙගුලාසි සහ අනුමත කිරීම් විධිමත් කිරීම හෝ ඉවත් කිරීම මගින් පුද්ගලික ව්‍යවසාය සඳහා ඇති බාධක නැති කිරිම
  • ‌කලාපීය ආර්ථිකයන් සමඟ වඩාත් ශක්තිමත් සහ විවෘත වෙළඳ සබඳතා ගොඩනඟා ගැනිම.
  • ‌කර්මාන්ත-විශේෂිත කළමනාකාරිත්වය සහ නවතම තාක්ෂණික භාවිතය(ගෝලීය විශේෂඥතාව උපරිම ලෙස යොදා) ව්‍යාප්ත කිරීම මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම.
  • අනිවාර්යයෙන්ම පාසල්වල උසස් ප්‍රමිතියෙන් ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම.
  • ‌තාක්ෂණික විශ්ව විද්‍යාල උපාධි සහ ඩිප්ලෝමා සඳහා අධ්‍යයන  ස්ථාන ගණන පුළුල් කිරිම.
  • ‌තරඟකාරි, ඉල්ලුමට සරිලන කුසලතා සහ ආර්ථිකය සඳහා අවශ්‍ය නිසි වෘත්තීය පුහුණුවක් හරහා පුළුල් කුසලතා ගොඩනැගීම.
  • ‌නවීකරණය කරන ලද විෂයමාලා, ඉගැන්වීම් ක්‍රම සහ ඇගයීම් ක්‍රම සහ ගෝලීය ප්‍රවණතා සහ රැකියා අවස්ථා ඉලක්ක කර  ගුරු-පුහුණුව පුළුල් කිරීම. ඒ හරහා ඉහත සදහන් කරුණු වලට සහාය වීම සඳහා අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම.
  • ‌තරුණයින් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය, උපදේශකත්වය සහ ව්‍යවසායක අරමුදල් සැපයීම.
  • ‌ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගිකත්වය, ආගම, තරාතිරම හෝ ධනය නොසලකා නීතිය ඉදිරියේ සියලුම පුද්ගලයින්ට සමානව සැළකිම.
  • ‌පොදු ස්ථාන වලදී, රැකියාවේදී සහ නිවසේදී කාන්තාවන් හිරිහැර හා අපයෝජනවලින් තොර බව සහතික කිරීමට පියවර ගැනිම
  • ‌රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
  • ‌නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ සමානාත්මතාව සහ ඉවසීම ඇති කිරීම සහ අවශ්‍ය පරිදි විනය හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශක්තිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ආයතනයක් පිහිටුවීම.
  • ‌අපගේ ආරක්ෂක අංශ වඩාත් විධිමත්, නවීන සහ කාර්‍යක්ෂම කිරිමෙන් සැබෑ තර්ජන වලින් ජාතක ආරක්ෂා තහවුරු කිරිම.
  • ‌පොලිස් විමර්ශන හැකියාව ශක්තිමත් කිරීම,එසේම පොලිසිය දැඩි අධීක්ෂණයකට යටත් කිරීම. කිසියම් අත්අඩංගුවට ගැනිමක් හෝ රඳවා ගැනිමක් සඳහා අවම සාක්ෂි පරික්ෂණයක් හෝ අවශ්‍ය වීම.
  • ‌අධිකරණ පද්ධතියේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම.
  • ‌සාපරාධී වැරදි සම්බන්ධයෙන් පුද්ගලික නඩු පැවරීමට පුද්ගලික පුරවැසියන්ට ඇති හැකියාව වැඩි දියුණු කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගාත්මක පනත් කෙටුම්පත් දින 7 ක සීමාව දීර්ඝ කිරීම.
  • රාජ්‍ය අංශයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් එය ආරක්ෂා කිරීම.
  • ‌හැකියාවන් සහ කුසලතා මත පදනම්ව බඳවා ගැනීම සහ උසස්වීම් ස්වාධීන කමිටු මගින් පාලනය කිරිම. අමාත්‍යාංශ පරිපාලනය සඳහා ස්ථිර ලේකම්වරුන් බල ගැන්වීම.
  • ‌රාජ්‍ය අංශයේ නිලධාරීන් පුහුණු කිරීම සහ කුසලතා ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීම සහ රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව, අපක්ෂපාතීත්වය සහ වගවීමේ සංස්කෘතියක් ස්ථාපිත කිරීම.
  • ‌දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරිම.
  • ‌දුම්රිය, විදුලිබල හා බලශක්ති, ගමනාගමන, ගුවන් තොටුපළ, වරාය, සහ ඛනිජ තෙල් වැනි ප්‍රධාන අංශවල තරඟකාරීත්වය සහ පුද්ගලික ආයෝජන විධිමත් කිරීම සහ සක්‍රීය කිරීම
  • ‌දත්ත මත පදනම් වූ සැලසුම් කිරීම, නිර්මාණය සහ එහි ආර්ථික ඇගයීම, ප්‍රසම්පාදනය සහ සියලුම යටිතල පහසුකම් ව්‍යාපෘති නිසි ලෙස අධීක්ෂණය කිරිම .
  • ‌අමාත්‍යවරුන්ගේ බලතල සීමා කිරීම සඳහා රාජ්‍ය ව්‍යාපාර පිළිබද නීති සංශෝධනය කිරීම, රාජ්‍ය ව්‍යාපාර වලට අයත් මණ්ඩල ඔවුන්ගේ අයවැය ඉදිරිපත් කිරීමට වගවීම, පාර්ලිමේන්තුව යටතේ ස්වාධීන නියාමකයින් පිහිටුවීම සහ අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියා කිරීමට විගණකාධිපතිවරයාට ඉඩ දීම.
  • ශාරීරික හා මානසික සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා දිරිමත් කිරිම.
  • ‌නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කරනා ආයෝජනය සැලකිය යුතු ලෙස වැඩි කිරීම,එය දිගු කාලීනව වඩා මිල අධික රෝග සුව කිරීමේ සෞඛ්‍ය වියදම් සඳහා වන අවශ්‍යතාවය අඩු කිරීමට හේතු වේ.
  • ‌වයෝවෘද්ධ සත්කාර සහ මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා වැඩි ආයෝජනයක් කිරිම
  • ‌වැඩි කාර්යක්ෂමතාවයක් සහ විනිවිදභාවයක් සහතික කිරීම සඳහා රාජ්‍යය සෞඛ්‍යය ආරක්ෂණ යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කිරීම.
  • ‌නිෂ්පාදනය වැඩි කිරීම සහ අගය එකතු කිරීම සඳහා කෘෂිකාර්මික නවෝත්පාදන සහ තාක්ෂණය අනුගමනය කිරිමට දැනුවත්භාවය වැඩි කිරීම සහ සහාය වීම.
  • ‌කෘෂි ආහාර අංශයේ සැපයුම් වැඩි දියුණු කිරීම, පසු අස්වනු පාඩු අවම කිරීම සහ කෘෂිකාර්මික අංශයේ මාෆියාවන් සහ නිලධාරිවාදය තුරන් කිරීමට කටයුතු කිරීම.
  • ‌ඉඩම් අයිතිය, ඉඩම් පරිහරණය සහ කෘෂිකාර්මික ඉඩම්වල ඉඩම් අයිතිය සම්බන්ධ ගැටළු සඳහා මැදිහත්වීම සහ විසඳීම.
  • ‌ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහතික කිරීම.
  • ‌ප්‍රධාන කලාපීය බලවතුන් සමඟ යහපත් සබඳතාවක් ගොඩනගා ගැනිම.
  • ‌ජාතික විදේශ ප්‍රතිපත්තියට අනුකූලව දිගුකාලීන ජාතික අවශ්‍යතා මත පදනම්ව සියලුම විදේශ ජාත්‍යන්තර සබඳතා මත පදනම් තීරණ ගැනීමට උත්සාහ කිරිම.
  • ‌ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවන් ක්‍රියාශීලීව සම්බන්ධ කර ගැනිම. ඔවුන්ගේ සබඳතා ජාලය, විශේෂඥතාව සහ පරිත්‍යාග නිසි ලෙස ප්‍රයෝජනයට ගැනිම.

ඉහත දක්වා ඇති ප්‍රතිපත්ති අපගේ රට නැවත ගොඩනැගිමටත්, ආඩම්බර විය හැකි රටක් බවට පරිවර්තනය කිරීමටත් අත්‍යවශ්‍ය යැයි අප විශ්වාස කරන වෙනස්කම්වල සමාරම්භයයි. ඉදිරි මාසවලදී, අපි අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සාමූහිකව ගොඩ නැගීම සඳහා මහජන සම්මන්ත්‍රණ මාලාවක් මෙන්ම විෂය ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමේ වැඩසටහන් මාලාවක් දියත් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ වෙනසක් දැකීමට කැමති සියලුම දෙනාට ඒ සදහා සහභාගී වන ලෙස අපි ආරාධනා කරමු.

ඔබේ දායකත්වය

ඔබේ පරිත්‍යාග වල සවියෙන් අපට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිමට හැකි වනු ඇත. අප ආඩම්බරයෙන් මේ අප සියලුදෙනාගේ නිවහන ලෙස ශ්‍රී ලංකාව හඳුන්වමු.මේ ඔබත් මමත් අපේක්ෂා කරනා දේශයයි.ඔබට මට හිමි දේශයයි.

ඔබේ දායකත්වය