අපගේ දැක්ම
සෑම පුරවැසියෙකුම මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ සහ දරිද්‍රතාවයේ බරින් නිදහස් වූ රටක්.
සියල්ලන්ටම සමෘද්ධිමත් විය හැකි දියුණු ආර්ථිකයක් ඇති රටක්.
සියලු දෙනාගේම අයිතීන් සුරකින සාමකාමී, ආරක්ෂිත සහ සාධාරණ සමාජයක් ඇති රටක්.
රටේ ජනතාවට උසස්ම තත්වයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් සපයන රටක්.
ජන වර්ගය, ස්ත්‍රි පුරුෂ භාවය හෝ ආගම වශයෙන් බෙදා වෙන් කොට නොසලකන එක් වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහ සැබෑ සංහිදියාවක් ඇති රටක්.
කාන්තාවන්ට සුරක්ෂිතබව,සාධාරණත්වය සහ ගරුත්වය ලබා දෙන රටක්.
වංචා දූෂණයෙන් තොර රටක්.
නවෝත්පාදන සහ තාක්ෂණය සඳහා ලෝකය තුළ පිළිගැනිමක් සහිත රටක්.
අනාගත පරපුර උදෙසා පරිසරය සහ ස්වභාවික සම්පත් සුරකින, පෝෂණය කරන රටක්.
දේශපාලකයන්ට නොව රාජ්‍යය තම ජනතාවට සේවය කරන රටක්.
අපගේ වටිනාකම්
අවංකභාවය
අන්තර්කරණය
නිපුණත්වය
විනිවිදභාවය
ප්රජාතන්ත්රවාදය
විශ්වාසනීයත්වය
සහානුකම්පනය
නිහතමානීත්වය
වගවීම
ප්රගතිශීලීබව
අපගේ මුලධර් ම
අපගේ පක්ෂයේ සියලුම මැතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂයේ නිලතල දරන්නන් සඳහා වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්ය වේ.
අපගේ පක්ෂයේ අයවැය ජනතාවට ප්‍රසිද්ධ කරනු ලබයි.
අධිකරණයක් මගින් අපරාධ සම්බන්ධයෙන් වරදකරුවකු වූ කිසිවකුට පක්ෂයේ නාමයෝජනා හෝ තනතුරු ලබාදීම අපේ පක්ෂය තුළ තහනම් වේ.
අපේ පක්ෂය තුළ 50% ක සක්‍රීය කාන්තා නියෝජනයක් සඳහා අවස්ථාවක් ලබා දිමට කටයුතු කරනු ලබයි.
අපේ පක්ෂය තරුණයන්ට වැඩි අවස්ථාවක් හා වේදිකාවක් නිර්මාණය කර දීමට කටයුතු කරයි.
අපේ පක්ෂය රටේ සෑම ජනවර්ගයකින්ම, ආගමකින්ම, ස්ත්‍රී පුරුෂ භාවයකින්ම සහ සෑම ප්රදේශයකින්ම ප්‍රබල නියෝජනයක් ඇතිව විවිධත්වයක් ඇති කිරීමට කටයුතු කරනු ලබයි.
අපගේ පක්ෂය පක්ෂ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම මෙන්ම සෑම පාලන ක්ෂේත්රයකම ශක්තිමත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලීන් භාවිතා කරනු ලබයි.
අපගේ පක්ෂය නියෝජනයෙන් ලබන ජයග්‍රහණ කිසිවක් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා භාවිතා කරන්නට ඉඩ නොදෙන ශක්තිමත් නිතිමය රාමුවක් ඇත.
අපගේ පක්ෂය නාමයෝජනා ලබාදිමට පෙර සෑම අපේක්ෂකයෙක්ගේම නිපුනතාවන් වෘතිමය හා අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරගනු ලබයි.
අපගේ පක්ෂය අපගේ සාරධර්ම සමඟ පෙළගැසුන නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනු ලබයි.
ඔබේ දායකත්වය
ඔබේ පරිත්‍යාග වල සවියෙන් අපට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිමට හැකි වනු ඇත. අප ආඩම්බරයෙන් මේ අප සියලුදෙනාගේ නිවහන ලෙස ශ්‍රී ලංකාව හඳුන්වමු.මේ ඔබත් මමත් අපේක්ෂා කරනා දේශයයි.ඔබට මට හිමි දේශයයි.