නිතර අසන ප්‍රශ්න

එක්සත් සියවස් පෙරමුණට ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ දේශපාලන නායකයින් වේදිකාවට ගෙන ඒම සඳහා සියවසට ශ්‍රී ලංකා ව්‍යාපාරය මෙහෙවර ඉටු කරයි.

අප මතවාදීව හා අරමුණින් සම්බන්ධ වී සිටිමු. කෙසේ වෙතත්,ඉදිරියට වෙනම ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වන්නෙමු.

අප ජයග්‍රාහි ශ්‍රී ලංකාවක් ගොඩනැගිමට කැපවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරයකි. එමනිසා මෙරට සහ එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන අරමුදල් මත විශ්වාසය තබන්නෙමු.

අප කිසිම දේශපාලනඥයකුගෙන් හෝ දේශපාලන පක්ෂයකින් මුදල් භාර ගන්නේ නැත.

එසේම අපගේ වටිනාකම් සහ ප්‍රතිපත්ති සමඟ නොගැලපෙන කිසිදු පුද්ගලයෙකුගෙන් හෝ ව්‍යාපාරයකින් අප අරමුදල් ලබා ගන්නේ නැත.

දැනට ස්ථාපිත දේශපාලන පක්‍ෂවලට වසර 74ක කාලයක්‌ ජනතාව කෙරෙහි තම සැබෑ කැපවීම සහ ජාතික පරිවර්තනයක්‌ ඇති කිරීමට ඇති හැකියාව ඔප්පු කිරීමට කාලය ලැබී තිබිනි. ඒ සදහා ඔවුන් අසාර්ථක වී ඇති අතර, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට අපට හැකියාවක් නැත. ඔවුන්ද අතීතයේ ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන අනාගතයේදී වඩා යහපත් කැපවීමක් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

අපට අපගේ ගමනේ ප්‍රමුඛත්වයන් අවදානමට ලක් කිරීමට නොහැකි සේම, ඔවුන්ගේ අනාගත ප්‍රයත්නයන් සඳහා සහතික වීමෙන් අපගේ විශ්වසනීයත්වය අහිමි කර ගත නොහැක.

කෙසේ වෙතත්, ධනාත්මක පරිවර්තනීය වෙනසක් සඳහා අව්‍යාජ මුලපිරීම් සිදුකරන අවස්ථාවල ඕනෑම දේශපාලන පක්ෂයක උත්සාහයට අපි හදවතින්ම සහාය දෙමු.

ඔබේ දායකත්වය

ඔබේ පරිත්‍යාග වල සවියෙන් අපට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිමට හැකි වනු ඇත. අප ආඩම්බරයෙන් මේ අප සියලුදෙනාගේ නිවහන ලෙස ශ්‍රී ලංකාව හඳුන්වමු.මේ ඔබත් මමත් අපේක්ෂා කරනා දේශයයි.ඔබට මට හිමි දේශයයි.

ඔබේ දායකත්වය